මං ඔබේ මිතුරිය
රංචු ලැදියාවෙන් පෙළෙන
දහසකුත් මිනිස්සු අතරෙ ,
සිහිනමය විශ්වයක තනිවම,
සැරිසරන, පියමනින ....
ඉඳහිටක, ආදරේ නැතියැයි
ඉසියුම් නෝක්කඩු මුමුණන ....
ආයෙමත්, ඔබේ සැනසීමමයි
මගේ සුවපත් වීම පවසන
පරස්පරයට බර වදන් තෙපළන!
කවිමදැයි නොදන්නා මුත්
දවස ගානේ, වචන ලියැවෙන
හිතක් , කෙටි ගෙළ මත දරාගෙන
යස්ස "කවිකාරි" යක්යැයි හිතන!
රෝමාන්තිකමය හාදු ,
මිලියනක් තැවරුණ
රතු අහස අග ,
රැළි නගන වෙරලෙහි තනිවම
කිසිදාක නොගිලිහෙන ඔය අත්
හදගැඹුරෙන්ම පිරිමදින
මං ඔබේ මිතුරිය!
අප අතර පවතින මේ අවකාශයෙහි
ආදරය පමණක්ම පුරවන.
ඉන්ම පමණක් සැනසෙන.
ප්‍රේමයේ සංඛ්‍යාත කොතෙකුත් තිබිය හැකි
ප්‍රේම කළ මිනිස්සුන් කොතෙකුත් සිටිය හැකි
ඒ වුනත්, මං ඔබේ මිතුරිය!
ග්‍රහණය කරනු හැකි
සියළුම සංඛ්‍යාත පරාස
ඔබ වෙනුවෙන්ම වෙන් කළ!
No comments:
Post a Comment