අනෙක් දිනවල අවදි වෙන්නෙම
ඔබට සුබ පැතුමක් තියා
පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා
ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිසා
මතත අහුමුලු අවුස්සන්නෙමි මකුලු දැල් , දුහුවිලි ගසා
රැසක් වී ඔබ මතට පතිත වෙමි ලා ඉරේ!
අනෙක් දිනවල අවදි වෙන්නෙම
ඔබට සුබ පැතුමක් තියා
පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා
ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිසා
මතත අහුමුලු අවුස්සන්නෙමි මකුලු දැල් , දුහුවිලි ගසා
අසිහියෙන් ඇවිද අකුල් වල පා පැටලි පැටලී
ගමනාන්තය කොහෙදැයි නොදැන උන් බැවිනී
අතින් ඇද නවතාන , මග හසර කියා දුන් නොසැලී
මගේ ඉසිවර මළුව ඔබම බව ඉතින් මම කියමී
දියාරුව වැහි බින්දු ලෙසින් කොළඹට හැලෙයි
අව් රශ්මියට හසුව ඉරුවරද දරා හිටි
ගොඩනැගිලි හිස් මුදුන් ඉන් දරුණු ලෙස තෙමෙයි
මේ වලාකුළු යටින්, ටිකක් ඈතින් ඔබත්
ඉන්නවා කියා මගේ ගැහැනු හිත මට කියයි
කිසිම හේතුවක් නැති , හැඩය පහදන්න බැරි
සතුටු බුබුලක් ඉපිද යළිදු එය බිඳීයයි
කතාවක් බහක් නැති උනත් මේ අහස යට
ප්‍රංශ හාදුවක් ගැන විටෙන් විට සිහි නැගෙයි
දෙතොල් හිරි වැටී යන ඇමීබා පෙම් සිහින
මගෙත් හද නිම්නයෙහි හරි හෙමින් පණ ගැහෙයි
ළැම කඳුද මුදු සිරස් වලින් එසැවී බලා
ඔබ කොහේ සිටීදැයි හොරෙන් විමසා බලයි
මම තුළම ඔබ හිඳින විප්‍රකාරි රහස්
දැන හැඳින යළි බිමට පාත් වී නිහඩ වෙයි
එහේ මෙහේ යන දුම්රියක,
හැපී සිය දිවි නසාගත්
පැතුමක්ය, එක සවසක!
මගේ සඳ අගනුවරට,
පායන දිනෙක, රැයකට
සීතල ම සඳ සෘතුවක
තෙමී ළග නවතින එක!
සිඳු රළ හැපෙන වෙරළක
සඳ සමග පා ඔසවන
අත අත ඇගිලි ගවසන
සිහිනය බිඳුනු ඉක්මන!
ලොව කිසිදු තැනෙක, නොදකින
විරල සහ ආවේණික මල් පිපෙන,
කලබලකාරීම මං මාවත් මැදින්
කඳුවැටි, උල්පත්ද ගං දියද උපදන,
සදාහරිතම වැසි වනාන්තර, උසුලන
ඉඳහිටක,
ලැව් ගිනි ද හටගෙන ලාවා ද උතුරන
ලෝක උරුමය ඔබය
මේ අන්තයට මා එවු මෙහෙවර
මට ප්‍රත්‍යක්ෂ කරනු වස් හමුවුණ!
මං ඇතුලේම, හිත පතුලේම කිමිදෙන්න!
මත් ඇස් යටින් මට මියයන්න ඉපදෙන්න!
අපි දෙන්නා ට මැද නිල් අහස අතුරන්න
සිලි සිලි ගගා තරු අහුරකට පොඩිවෙන්න
මම කැමති, ඔබ ළගදි
බිම්මලක් වී නැමෙන්න
ඔබ කැමති, මම තුලැති
උඩවැඩියා මල දකින්න
මට මාව මග හැරෙන
විටෙක මගෙ හිත නිවන්න
ප්‍රේමයට පර්යාය පද
කොහෙද ඔබ ඇරෙන්න !
අනෙක් දිනවල අවදි වෙන්නෙම ඔබට සුබ පැතුමක් තියා පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිස...