ජීවිතේ කොහොල් මිටියාවතට
හිස් හදක් වගේ පියනගන විට
ගොර බිරම් රකුසන්ව මග හරින
නපුරු කටු අත්තක්ව හිඳින විට
සිලිටි මල් පෙත්තක්ව හිනැහෙන්න
අදිසි සුළගක් වගේ ළග ඉන්න
ශිශිරයේ දිය මිදුණු විලක් වැනි
විනිවිදිය හැකි ගැඹුරු හදක් තුල
සැරි සරන්නෙකුට මෙන් පිවිසෙන්න
ආදරේ මුර පදය මට දෙන්න
ලෝකයක් ආවොතින් උදුරන්න
ඔබ තුලම ගිලෙමි නොපෙනි ඉන්න...
ඒ විසල් හදෙහි කිසියම් තැනෙක
ඉසිහින්ම ලේ නහර කිනිත්තක
කෙලවරක , සැරිසරමි නොදැනීම
පිය සටහනක් පවා නොතියාම
සිලිටි මල් පෙත්තක්ව හිනැහෙන්න
මේ සියුම් ප්‍රේමයෙම පවතින්න!
No comments:
Post a Comment