විශ්වයට සමපාත විශ්වයෙන් පොහොණි වුණු
ජිවිතේ මහා දිග , වරණ නැති පැන පතක්
විශ්මයෙන් බලා ඉමි, විනිශ්චය නොකර ඔබ
මගේ හද විස අයින් , කරනු වස් දැරු තැතක්
වැහි වනන්තර බිමක, දොඩන විහගෙකු අසල
මල් අහිමි , හදවතට දැනේවියි සිසිලසක්
නොදැන වුව ඉගිළ එමි , ඒ සිහිල් නිම්නයට
ලැගුම් ගමි ඔය හෙවණ, පතමි නිර්වාණයක්!
පතිත වෙමි ඔබ මතට රැසක් වි ලා ඉරේ
ඇත්තමයි මං හරී.... ආදරේ!

No comments:
Post a Comment