මේ අහස යට , කාත් කවුරුවත් නැති තැනක
මං පවා නොදැන මගෙ නමින් ලියැවුණු කවිය
අදිසි හස්නක , පිරි නමා ඇති මුත් දිනෙක
කුරුල්ලෝ, අමතකව ගියාදෝ එය නුඹට
සඳළු මත අහම්බෙන් වගේ තැවරී සැගව
අගුලු ලෑ හදක් ඉඹ , ගියා මඳ මුදු සුලඟ
මටලු ඒ , මගෙ ලගින් ඉතිරි කර ගිය සුවඳ
කුරුල්ලෝ, දැනුණාද සුවපත්වු බව මහද
කියනු බැරි වු නමුත් මගෙ හැගෙන, මට දැනෙන
මුලු හිතින් සියක් වර ඒ පතුල් මත තියන
මගේ හදවත, පළා ඔබට පෙන්වු බවද
කුරුල්ලෝ, මගේ පෙම දුටු බවද කියනු මැන
No comments:
Post a Comment